Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 38:2 - Sinhala Revised Old Version

2 එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 38:2
20 හුවමාරු යොමු  

සැබවින් නුඹ මුදාගන්නෙමි, නුඹ කඩුවෙන් වැටෙන්නේ නැත. නුඹ මා කෙරෙහි විශ්වාසකළ බැවින් නුඹේ ප්‍රාණය නුඹට කොල්ලයක් මෙන් ලැබෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීවේය.


නුඹටම මහත් දේවල් ලබාගන්නට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්‍යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය.


පිටත කඩුවත් ඇතුළත වසංගතය හා සාගතයත් තිබේ. කෙතේ සිටින අය කඩුවෙන් මැරෙනවා ඇත; නුවර සිටින අය සාගතයෙන්ද වසංගතයෙන්ද විනාශවන්නෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ අත් පා ගසමින් අහෝ! කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද වැටෙන්ට සිටින ඉශ්‍රායෙල් වංශයේ සියලු නපුරු පිළිකුල් දේවල හැටියයි කියන්න.


මම යෙරුසලමට දඬුවම්කළාක්මෙන් මිසර දේශයෙහි වාසයකරන්නන්ටත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද දඬුවම් කරන්නෙමි.


ඉතින් නුඹලා කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී නුඹලා කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.


මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.


බබිලෝනියේ රජුට සේවය නොකරන ජාතියට විරුද්ධව ස්වාමීන්වහන්සේ කියා තිබෙන ලෙස නුඹ සහ නුඹේ සෙනඟත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේ මක්නිසාද?


නරකක්ම නිසා කන්ට බැරි තරම් නරකව තිබෙන අත්තික්කා මෙන් මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද මේ දේශයේ ඉතුරුව සිටින යෙරුසලමේ ඉතිරි අයද මිසර දේශයෙහි වසන්නන්ද අහකදමන්නෙමි.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.


නුමුත් බබිලෝනියේ රජුගේ වියගහ යට තමුන්ගේ බෙල්ල තබා, ඔහුට සේවයකරන ජාතියට තමුන්ගේම රටෙහි නැවතී, එය වටා, එහි වාසය කරන්ට ඉඩහරින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජු ගැනද නුඹලා සමඟ දාසකමට ගෙනයනු නොලැබූ නුඹලාගේ සහෝදරයන් වන මේ නුවර වාසයකරන මුළු සෙනඟ ගැනද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්