Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 37:13 - Sinhala Revised Old Version

13 ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුළාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: නුඹ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 37:13
20 හුවමාරු යොමු  

මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනනේල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි.


යෙරෙමියා වළේ දැමූ බව රජගෙදර සිටි නපුංසකයෙක්වූ කූෂීය එබෙද්මෙලෙක් අසා, බෙන්යමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙතට,


ඔවුන් දැන් මා කෙරෙහි තබන වරද ඔබට ඔප්පුකරන්ටත් ඔවුන්ට බැරිය.


එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුයයි කියන්ට ඔව්හු මනුෂ්‍යයන් පෙලඹෙවුවෝය.


ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.


එකල මත්තාන්ගේ පුත්‍රවූ ෂෙපතියාද පෂ්හූර්ගේ පුත්‍රවූ ගෙදලියාද ෂෙලෙමියාගේ පුත්‍රවූ යූකල්ද මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ද යෙරෙමියා මුළු සෙනඟට කී වචන ඇසුවෝය.


මේ නුවර නවතින්නා කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේය. පිටතට ගොස් නුඹලා වටලාගෙන සිටින කල්දිවරුන්ට එකතුවෙන්නා ජීවත්වන්නේය. ඔහුගේ ප්‍රාණයද කොල්ලයක් මෙන් ඔහුට ලැබෙනවා ඇත.


මක්නිසාද මා බොහෝ දෙනෙකුගේ කේලාම් අසා තිබේ, වටකරින්ම භීතිය තිබේ. දන්වන්න, අපිත් එය දන්වන්නෙමුයයි කියා මාගේ හිතේසි මිත්‍රයන් සියල්ලෝ මාගේ පැකිලීම ගැන බලාසිට: සමහරවිට ඔහු පෙළඹෙනවා ඇත, එවිට අපි ඔහු පරාජයකොට ඔහුගෙන් පළිගන්නෙමුයයි කියති.


එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.


ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;


එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබොවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය.


අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.


ඔහු රජගෙදරට ලේකමගේ ඇතුල්ගෙට බැසගියේය. එහි සියලු අධිපතියෝ වන එලිෂාමා ලේකමද ෂෙමායාගේ පුත්‍රවූ දෙලායාද අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාද හනනියාගේ පුත්‍රවූ ශෙදෙකියාද අනික් සියලු අධිපතියෝද වාඩිවී උන්නෝය.


මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ට සේවයකරන පිණිස මම යකඩ වියගහක් මේ සියලු ජාතීන්ගේ බෙල්ලේ තැබුවෙමි; ඔවුන් ඔහුට සේවයකරනවා ඇත. මම වනයේ මෘගයන්ද ඔහුට දුනිමියි කියන්නැයි කීසේක.


දැනුදු මමම මේ සියලු දේශ මාගේ සේවකයාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ අතට දුනිමි; ඔහුට සේවයකරන්ට වනයේ සත්වයන්ද ඔහුට දුනිමි.


අනාගතවක්තෘවූ යෙරෙමියාට ගසා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ බෙන්යමින් දොරටුවේ තිබෙන දඬුකඳේ ඔහු දඬුගැසුවේය.


අපේ වීථිවල අපට යන්ට බැරිවන ලෙස ඔව්හු අපේ අඩිපාරේ එළවති. අපේ අන්තිමය ආසන්නය, අපේ දවස් තීන්දුය; මක්නිසාද අපේ අන්තිමය පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්