Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 36:4 - Sinhala Revised Old Version

4 එවිට යෙරෙමියා නේරියාගේ පුත්‍රවූ බාරුක් කැඳවාගත්තේය; බාරුක්ද ස්වාමීන්වහන්සේ යෙරෙමියාට කියා තිබුණු උන්වහන්සේගේ සියලුම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 36:4
22 හුවමාරු යොමු  

මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ඉදිරියේදීද හිරගෙයි මළුවේ හිඳගන උන්නාවූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම්-ඔප්පුව මාසේයාගේ පුත්‍රයා වන නේරියාගේ පුත්‍රවූ බාරුක්ට දුනිමි.


මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;


එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.


කල්දිවරුන් විසින් අප මරන්ටත් බබිලෝනියට අප අල්ලා ගෙනයන්ටත් ඔවුන්ගේ අතට අප පාවාදෙන පිණිස නේරියාගේ පුත්‍රවූ බාරුක් අපට විරුද්ධව නුඹ පොළඹවන්නේයයි කීවෝය.


මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට ආචාරකරමි.


නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි.


නුඹ නැවත වෙන පොතක් රැගෙන යූදාහි රජවූ යෙහෝයාකීම් දැවුවාවූ පළමු පොතේ තිබුණු ප්‍රථම වචන සියල්ලම ලියන්න.


රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.


යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.


රජ තෙමේ පොත ගෙනෙන්ට යෙහූදී යැවීය. ඔහු එලිෂාමා ලේකමගේ ඇතුල් ගෙයින් ඒක ගෙනවුත්, රජුටත් රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස ඒක කියෙවුවේය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් ‍ මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.


මා විසින් ඒ දේශයට විරුද්ධව කීවාවූ මාගේ සියලුම වචන වන යෙරෙමියා සියලු ජාතීන්ට විරුද්ධව අනාගතවාක්‍යයෙන් කීවාවූ මේ පොතෙහි ලියා තිබෙන සියල්ලම ඒ දේශය පිටට පමුණුවන්නෙමි.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න.


එබැවින් නුඹ ඇතුල්වී, නුඹ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන් ස්වාමීන්වහන්සේගේ වචන උපවාස දවසේදී සෙනඟ අසන පිණිස ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කියන්න; තමුන්ගේ නුවරවලින් එන්නාවූ සියලු යූදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.


සියලු අධිපතීහුද කූෂීගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ යෙහූදී බාරුක් ළඟට යවමින්: සෙනඟට ඇසෙන පිණිස නුඹ කියෙවු පොත අතින් රැගෙන එන්නැයි කියා ඇරියෝය. නේරියාගේ පුත්‍රවූ බාරුක් පොත අතින් ගෙන ඔවුන් ළඟට ආයේය.


රජු ඒ පොතද බාරුක් යෙරෙමියාගේ මුඛයෙන් අසා ලියූ වචනද දැවූ පසු, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:


මයසේයාගේ පුත්‍රවූ නේරියාගේ පුත්‍රයාවන සෙරායා යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ සතරවෙනි අවුරුද්දේදී ඔහු සමඟ බබිලෝනියට යනවිට අනාගතවක්තෘවූ යෙරෙමියා සෙරායාට අණකළ වචනයය. සෙරායා වනාහි ගබඩා නිලමේ විය.


බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති වන බබිලෝනියට විරුද්ධව ලියා තිබෙන මේ සියලුම වචන යෙරෙමියා පොතක ලිවීය.


බබිලෝනියේ රජවූ බේල්ෂශර්ගේ පළමුවෙනි අවුරුද්දේ දානියෙල් තමාගේ යහනේදී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වගයක්ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා කාරණා සියල්ලම කීවේය.


ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්