Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 36:2 - Sinhala Revised Old Version

2 නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 36:2
34 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න.


ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට නුඹලාට කථාකෙළෙමි; එහෙත් නුඹලා ඇහුම්කන් දුන්නේ නැත.


බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකාදමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියාදෙවයි කීසේක.


මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;


බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති වන බබිලෝනියට විරුද්ධව ලියා තිබෙන මේ සියලුම වචන යෙරෙමියා පොතක ලිවීය.


යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.


එබැවින් නුඹ ඇතුල්වී, නුඹ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන් ස්වාමීන්වහන්සේගේ වචන උපවාස දවසේදී සෙනඟ අසන පිණිස ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කියන්න; තමුන්ගේ නුවරවලින් එන්නාවූ සියලු යූදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් ‍ මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.


එවිට මම කථාකොට: මෙන්න, මම ඇවිත් සිටිමි; පොත් කාණ්ඩයෙහි මා ගැන ලියන ලද්දේය.


එවිට මෙයාකාර සටහනක් ලියා තිබෙන පොතක් මේදියා දනව්වේ තිබෙන අක්මෙතා බලකොටුවෙහි තිබී සම්බවිය.


මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියූ විට යෙරෙමියා ඔහුට කී වචනයය.


යූදාහි රජවූ යෙහෝයාකීම් ගැනත් මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජ ඇවිත් මේ දේශය නාස්තිකර, මෙතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද පහකරදමන්නේය කියා නුඹ මේ පොතෙහි ලියුවේ මක්නිසාදැයි කියමින් නුඹ ඒක දවාදැමුවෙහිය.


එම්බා යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ හැම පවුල්වල සෙනඟෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.


අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!


තවද මෝසෙස් මේ ව්‍යවස්ථාවේ වචන තීන්දුවටම පොතක ලියා නිමකළ කල්හි,


එවිට මම කථාකොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.


සියලු අධිපතීහුද කූෂීගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ යෙහූදී බාරුක් ළඟට යවමින්: සෙනඟට ඇසෙන පිණිස නුඹ කියෙවු පොත අතින් රැගෙන එන්නැයි කියා ඇරියෝය. නේරියාගේ පුත්‍රවූ බාරුක් පොත අතින් ගෙන ඔවුන් ළඟට ආයේය.


බාරුක් උත්තරදෙමින්: ඔහු මේ සියලු වචන තමාගේ මුඛයෙන්ම මට කියාදුන්නේය, මමද තීන්තෙන් පොතෙහි ලිවීමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්