Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 34:7 - Sinhala Revised Old Version

7 අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 34:7
18 හුවමාරු යොමු  

එබැවින් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක්: ගිබියොන්වරුන් යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද සමඟ සමාදානවූ නිසා අප ඊට පහරදෙන පිණිස මා වෙතට අවුත් මට උපකාර කරන්නැයි


දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යූදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල්වෙන පිණිස රැස්වෙන්නය කියා හයියෙන් මොරගසන්න


යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද,


අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.


බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ ආණ්ඩුව යටතේ තිබුණු පොළොවේ සියලු රාජ්‍යවල්ද සියලු ජනයන්ද යෙරුසලමට සහ ඊට අයිති සියලු නුවරවලටත් විරුද්ධව යුද්ධකරද්දී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


එවිට යූදාහි නුවරවල්ද යෙරුසලමේ වැසියන්ද ගොස් ඔවුන් විසින් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පුකරන දෙවිවරුන්ට මොරගසනවා ඇත. නුමුත් ඔවුන්ගේ විපත්ති කාලයේදී ඒ දෙවිවරු කොහෙත්ම ඔවුන් ගළවන්නේ නැත.


අපි කුමට නිකම් හිඳිමුද? නුඹලා රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.


යූදා කඳු රටෙහි නුවරවල්ද මූකළාන්වල බලකොටුද මුරකොටුද ඔහු ගොඩනැගුවේය.


අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.


ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,


යර්මුත්හි රජ එක්කෙනෙක්ය; ලාකීෂ්හි රජ එක්කෙනෙක්ය;


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.


එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය.


මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,


අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්