Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 34:18 - Sinhala Revised Old Version

18 මාගේ ගිවිසුම කඩකළාවූ, වස්සෙක් දෙපළුකොට ඒ පළු අතරෙන් ගොස් මා ඉදිරියෙහි කරගත් ගිවිසුමේ වචන ඉෂ්ට නොකළාවූ මනුෂ්‍යයන් වන

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18-19 ජුදාහි අධිපතීහු ද ජෙරුසලමේ අධිපතීහු ද නපුංසකයෝ ද පූජකයෝ ද දේශයේ සියලු සෙනඟ ද ඔවුන් විසින් දෙපළු කරන ලද වස්සෙකුගේ පළු දෙක මැදින් ගමන් කර මා සමඟ ගිවිසුමක් කළෝ ය. එහෙත්, ඔව්හු මා ඉදිරියේ කළ ගිවිසුම කඩ කර එහි කොන්දේසි ඉටු නොකළෝ ය. ඒ නිසා ඔවුන් වස්සාට කළ දේ මම ඔවුන්ට කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18-19 ජුදාහි අධිපතීහු ද ජෙරුසලමේ අධිපතීහු ද නපුංසකයෝ ද පූජකයෝ ද දේශයේ සියලු සෙනඟ ද ඔවුන් විසින් දෙපළු කරන ලද වස්සෙකුගේ පළු දෙක මැදින් ගමන් කර මා සමඟ ගිවිසුමක් කළෝ ය. එහෙත්, ඔව්හු මා ඉදිරියේ කළ ගිවිසුම කඩ කර එහි කොන්දේසි ඉටු නොකළෝ ය. ඒ නිසා ඔවුන් වස්සාට කළ දේ මම ඔවුන්ට කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 34:18
10 හුවමාරු යොමු  

ඔහු ඒ සියල්ලන් ගෙනැවිත් උන් දෙපළුකොට පළුවක් ඉදිරිපිට අනික් පළුව බැගින් තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළුකළේ නැත.


ඔහුද: ස්වාමීවූ දෙවියන්වහන්ස, ඒක මට උරුම වෙන බව කුමකින් දැනගන්නෙම්දැයි කීය.


දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.


නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.


හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.


නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ යම් නුවරක් තුළ නුඹලා අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්,


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.


ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්