Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 33:8 - Sinhala Revised Old Version

8 ඔවුන් මට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අයුතුකමෙන් ඔවුන් පිරිසිදුකරන්නෙමි; මට විරුද්ධව පව්කිරීමෙන්ද මට විරුද්ධව ද්‍රෝහිකම්කිරීමෙන්ද කළාවූ ඔවුන්ගේ සියලුම අයුතුකම් ඔවුන්ට කමාකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 33:8
20 හුවමාරු යොමු  

ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.


විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ සියලු අපරාධවලින් මා විසින් නුඹලා පිරිසිදුකරන දවසේදී මම නුවරවල මිනිසුන් වාසයකරවන්නෙමි, පාළු ඉඩම්ද ගොඩනගනු ලබන්නේය.


ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ දවස්වල සහ ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නුමුත් එය නොතිබෙයි; යූදාගේ පාපයන් සොයන නුමුත් ඒවා සම්බ නොවෙයි. මක්නිසාද මා විසින් ඉතුරුකරන අයින්ට කමාවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.


අයුතුකම් මාගෙන් ජයගනියි. ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක.


මා විසින් නිදොස් නොකළ ඔවුන්ගේ ලේ නිදොස්කරන්නෙමි; ස්වාමීන්වහන්සේද සියොන්හි වාසය කරනවා ඇත.


මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.


ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.


මක්නිසාද නුඹලාගේ සියලු පාපවලින් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය.


නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.


එම්බා සියොන් දියණිය, නුඹේ අයුතුකමේ දඬුවම ඉෂ්ටවිය; උන්වහන්සේ තවත් නුඹ වාලට ගෙන නොයනසේක. එම්බා ඒදොම් දියණිය, උන්වහන්සේ නුඹේ අයුතුකමට දඬුවම්කරනසේක; නුඹේ පව් එළිදරව්කරනසේක.


උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්