Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:4 - Sinhala Revised Old Version

4 යූදාහි රජවූ ශෙදෙකියාද කල්දිවරුන්ගේ අතින් නොගැළවී, සැබවින්ම බබිලෝනියේ රජුගේ අතට පාවාදෙනු ලැබ, ඔහුගේ මුඛය මොහුගේ මුඛය සමඟ කථාකරන්නේය, ඔහුගේ ඇස් මොහුගේ ඇස් දකින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජුදාහි රජු වන ශෙදෙකියා බබිලෝනිවරුන්ගේ අතින් නොගැළවෙන්නේ ය. සැබැවින් ම ඔහු බබිලෝනියේ රජුගේ අතට පාවා දෙනු ලැබ ඔහු ඉදිරියේ මුහුණට මුහුණ ලා කතා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජුදාහි රජු වන ශෙදෙකියා බබිලෝනිවරුන්ගේ අතින් නොගැළවෙන්නේ ය. සැබැවින් ම ඔහු බබිලෝනියේ රජුගේ අතට පාවා දෙනු ලැබ ඔහු ඉදිරියේ මුහුණට මුහුණ ලා කතා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:4
13 හුවමාරු යොමු  

නුඹේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. නුඹ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.


එහෙත් නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, නුඹද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.


ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.


නුඹද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; නුඹේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද නුඹේ මුඛය සමඟ කථාකරනවා ඇත, නුඹ බබිලෝනියට පැමිණෙනවා ඇත.


මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹලා වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.


ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


එඬේරුන්ට පලායන්ටවත් රැළේ ප්‍රධානීන්ට ගැළවීයන්ටවත් නොලැබෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්