Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:36 - Sinhala Revised Old Version

36 එහෙත් දැන්: කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද බබිලෝනියේ රජු අතට දී තිබේයයි නුඹලා කියන මේ නුවර ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 “එහෙත් දැන්, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද බබිලෝනියේ රජු අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ නගරය ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 “එහෙත් දැන්, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද බබිලෝනියේ රජු අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ නගරය ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:36
11 හුවමාරු යොමු  

මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.


මක්නිසාද යූදාහි රජවූ ශෙදෙකියා ඔහුට කථාකොට: නුඹ අනාගතවාක්‍ය කියමින්– ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඒක අල්වා ගන්නේය;


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර කල්දිවරුන් අතටත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් භාරදෙමි, ඔහු ඒක අල්ලාගන්නේය.


ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය; නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.


එබැවින් මම ඈ කැමැතිකරවාගෙන, ඈ කාන්තාරයට පමුණුවා, ඈට කරුණාවෙන් කථාකරන්නෙමි.


බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්