Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:27 - Sinhala Revised Old Version

27 බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:27
15 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.


අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.


ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.


ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.


යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.


යොහන් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනාකරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.


මාංසමයවූ සියල්ලන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ සභාව එඬේරෙක් නැති බැටළුවන්මෙන් නොවන පිණිස,


එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.


ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.


මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.


එවිට ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ:


මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ සෙනඟගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්