Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 31:2 - Sinhala Revised Old Version

2 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ඉශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැළවුණු ඒ සෙනඟට කාන්තාරයේදී කරුණාව ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 31:2
32 හුවමාරු යොමු  

එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


ඔව්හු ස්වාමීන්වහන්සේගේ කන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය.


වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා මේ කාරණයේදී විශ්වාසකළේ නැත.


නුඹ ගොස්-ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. නුඹේ යෞවන කාලයේ ඇලුම්කමත් නුඹේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ නුඹ ආ හැටිත් නුඹේ යහපත පිණිස මම සිහිකරමි.


නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලෙහිදී නුඹට ආශීර්වාදකළසේක. නුඹ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වූසේක. නුඹට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.


නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත.


ස්වාමීන්වහන්සේද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි.


උන්වහන්සේද: මම්ම නුඹ සමඟ ගොස් නුඹට නිවාඩු දෙන්නෙමියි කීසේක.


එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.


නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට, ඔවුන් ප්‍රසූත යහනෙහි ඉන්නවා දකින කල්හි, පුතෙක්නම් ඔහු මරන්න; දුවක් නම් ඈ ජීවත්වුණාවේයයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.


ඔව්හු ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලා දෙස බලා විනිශ්චයකරනසේක්වා; මක්නිසාද නුඹලා ඵාරාවෝ ඉදිරියෙහිද ඔහුගේ සේවකයන් ඉදිරියෙහිද අප දුර්ගන්ධයක් වෙන්ට සලස්වා අප මරන පිණිස ඔවුන්ගේ අතට කඩුවක් දුන්නහුයයි කීවෝය.


ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකර කී දෙය සිහිකරන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට විශ්‍රාම දී මේ දේශය නුඹලාට දෙනසේක.


මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.


ජනයන් නැමති කාන්තාරයට නුඹලා ගෙනැවිත්, එහිදී මුහුණට මුහුණලා නුඹලා සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්