Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 31:16 - Sinhala Revised Old Version

16 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ හඬ ඇඬීමෙන්ද නුඹේ ඇස් කඳුළුවලින්ද වලක්වාගන්න. මක්නිසාද නුඹේ ක්‍රියාවට විපාක ලැබෙන්නේය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරීඑනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න. නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න. නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 31:16
27 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය.


මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.


මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.


එහෙත් නුඹලා අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය.


යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. නුඹ තවත් අඬන්නේ නැත; උන්වහන්සේ නුඹේ මොරගැසීමේ හඬට නුඹට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම උන්වහන්සේ නුඹට උත්තරදෙනවා ඇත.


නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.


නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.


උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍


මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක.


මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.


යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.


නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


ඔහු මුහුණ සෝදා පිටතට අවුත් තමාව හික්මවාගෙන: කෑම අරින්නැයි කීය.


එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.


කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.


බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවන්තයෙකු මෙන් එනසේක, උන්වහන්සේගේ හස්තයද උන්වහන්සේ උදෙසා ආණ්ඩුකරන්නේය. උන්වහන්සේගේ බැළය උන්වහන්සේ සමඟය; උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්