Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 31:12 - Sinhala Revised Old Version

12 ඔව්හු ඇවිත් සියොන්හි උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 31:12
35 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.


ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.


ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.


එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.


මම එය උස්වූ ඉශ්‍රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.


මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.


නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.


උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.


මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.


නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,


පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.


නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.


මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.


මක්නිසාද නුඹලා කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දියනැති උයනක් මෙන්ද වෙනවා ඇත.


එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.


අහක්ව ගියාවූ දරුවෙනි, මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද මම නුඹලාට ස්වාමිපුරුෂයෙක්ය. මම නුවරකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත් නුඹලා පිළිගෙන සියොන්ට ගෙනෙන්නෙමි.


මක්නිසාද නැගිටින්න, සියොන්ට, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නැගීයමුයයි එප්‍රායිම් කඳුවල රැකවලුන් මොරගසන දවසක් පැමිණෙන්නේය.


එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න.


එතැන්හි යූදා සහ එහි සියලු නුවරවල මනුෂ්‍යයෝද ගොවියෝද සිවුපා රැළ කැටුව යන්නෝද එක්ව වාසයකරන්නෝය.


මක්නිසාද මම විඩාවූ ආත්මය ප්‍රාණවත්කෙළෙමි, ශෝකවෙන සියලු ආත්මද සෑහීමට පැමිණවීමි.


මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදිවතුද නැවත මේ දේශයෙහි මිලේටගන්නවා ඇත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.


කඳු රටේ නුවරවලද පාත රටේ නුවරවලද දකුණු දිශාවේ නුවරවලද බෙන්යමින් දේශයෙහිද යෙරුසලම අසල ස්ථානවලද යූදාහි නුවරවලද බැටළුවන් ගණන්කරන්නාගේ අත් යටින් රැළවල් නැවත යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, ඉශ්‍රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තෘණබිම් වන්නේය. එහි හොඳ තෘණබිම්වල උන් ලගිනවා ඇත, ඉශ්‍රායෙල් කඳුවල උන් සාරවත් තෘණ කනවා ඇත.


බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක.


අන්න, නුඹේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.


නුඹලා ජාතීන් අතරෙහි සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල ඵලද කෙත්වල අස්වැන්නද වැඩිකරන්නෙමි.


මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්