Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 30:8 - Sinhala Revised Old Version

8 මක්නිසාද ඒ දවසේදී ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. විදේශියෝ තවත් ඔවුන් යටත්කර නොගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 30:8
16 හුවමාරු යොමු  

කෙතේ ගස්වල ඵල හටගන්නේය. දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය; ඔව්හු මා විසින් ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් ගළවාගත්තාම, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


දැන් මම ඔහුගේ වියගහ නුඹ කෙරෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමි.


ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: නුඹ වියබාන් සහ වියගස් සාදාගෙන නුඹේ බෙල්ලේ තබාගන්න;


මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.


එවිට ප්‍රොපේතවූ හනනියා අනාගතවක්තෘවූ යෙරෙමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන බින්දේය.


නුඹ ගොස් හනනියාට කථාකොට–ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ බිඳදැමුවේ ලී වියගස්ය; නුමුත් ඒවා වෙනුවට නුඹ යකඩ වියගස් සාදන්නෙහිය.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.


එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.


තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.


යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද, අසුවී බබිලෝනියට ගෙනයනු ලැබුවාවූ සියලුම යූදාවරුන්ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. මක්නිසාද බබිලෝනියේ රජුගේ වියගහ බිඳින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක.


මම මිසරයේ වියගස් තෙහප් නෙහේස්හිදී බිඳින කලද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කලද එහි දවාල අඳුරුවන්නේය. ඈ වලාපටලයකින් වැසෙන්නේය. ඇගේ දූවරු වහල්කමට යන්නෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.


නුඹේ දුකෙනුත් නුඹේ කැලඹීමෙනුත් නුඹ ලවා කෙරෙවු බර වැඩෙනුත් ස්වාමීන්වහන්සේ නුඹට නිදහස දෙන දවසේදී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්