Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 3:23 - Sinhala Revised Old Version

23 සැබවින්ම හෙල්ද කඳු රාශියද කෙරෙහි විශ්වාසකිරීම නිෂ්ඵලය. සැබවින්ම ඉශ්‍රායෙල්ගේ ගැළවීම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ තිබේ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සැබැවින් ම හෙල් මුදුන්හි මායාව ද කඳු මුදුන්හි මධුපානෝත්සවය ද කරන සෙනඟගෙන් වත් අපට පිහිටක් නැත. ඉශ්රායෙල්ට සැබැවින් ම ගැළවීම ලැබෙන්නේ ස්වාමීන් වන දෙවියන් වහන්සේගෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සැබැවින් ම හෙල් මුදුන්හි මායාව ද කඳු මුදුන්හි මධුපානෝත්සවය ද කරන සෙනඟගෙන් වත් අපට පිහිටක් නැත. ඉශ්රායෙල්ට සැබැවින් ම ගැළවීම ලැබෙන්නේ ස්වාමීන් වන දෙවියන් වහන්සේගෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 3:23
25 හුවමාරු යොමු  

ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.


බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.


නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය.


නුමුත් මම යූදා වංශයට අනුකම්පාකොට, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කරණකොටගෙන ඔවුන් ගළවන්නෙමි, දුන්නවත් කඩුවවත් යුද්ධයවත් අශ්වයන්වත් අසරුවන්වත් කරණකොටගෙන මම ඔවුන් නොගළවන්නෙමියි ඔහුට කීසේක.


ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.


ස්වාමීන්වහන්ස, මට සුවවන පිණිස මා සුවකළ මැනව; මා ගැළවෙන පිණිස ඔබ මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය.


ඉශ්‍රායෙල්වරුන්ගේ බලාපොරොත්තුවද විපත්ති කාලයේදී ඔවුන්ගේ ගැළවුම්කාරයාදවූ තැනන්වහන්ස, ඔබ දේශයෙහි ආගන්තුකයෙකු මෙන්ද රැයක් නැවතී මට කූඩාරම පිහිටුවාගත් ගමන්කාරයෙකු මෙන්ද සිටින්නේ මක්නිසාද?


තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කළ දේ නුඹ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය.


මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.


ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.


ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.


නුමුත් ස්වාමීන්වහන්සේ විසින් සදාකාල ගැළවීමකින් ඉශ්‍රායෙල් ගළවනු ලබන්නෝය. නුඹලා සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.


ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.


රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.


මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.


මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.


අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.


එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති.


එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න.


ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්