Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 3:20 - Sinhala Revised Old Version

20 එහෙත්, ඉශ්‍රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම්කරන්නාක්මෙන් නුඹලා මට විරුද්ධව ද්‍රෝහිකම්කළහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කර වෙන් වී යන ලෙස නුඹලා මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කර වෙන් වී යන ලෙස නුඹලා මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 3:20
11 හුවමාරු යොමු  

එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි.


මක්නිසාද ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය මට විරුද්ධව බොහෝසෙයින් ද්‍රෝහිකම්කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


යූදාවරු ද්‍රෝහිලෙස ක්‍රියාකළෝය, ඉශ්‍රායෙල්හිද යෙරුසලමෙහිද පිළිකුලක් කෙරී තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකළාවූ උන්වහන්සේගේ ශුද්ධකම යූදා කෙලහා, අන්‍ය දෙවියෙකුගේ දුව සරණපාවාගත්තේය.


නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.


ඔව්හු ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; මක්නිසාද අවජාත දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. ඉතින් මාසයකින් ඔවුන්ද ඔවුන්ගේ කොටස්ද නාස්තිවෙනවා ඇත.


තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.


ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.


ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්