Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 3:2 - Sinhala Revised Old Version

2 මුඩු කඳු දෙස නුඹේ ඇස් ඔසවා, නුඹ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් නුඹ ඔවුන් ගැන බලා ඉඳ, නුඹේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 3:2
22 හුවමාරු යොමු  

මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.


තවද මම සාරවත් දේශයකට, නුඹලා එහි ඵලද එහි හොඳ දේවල්ද අනුභවකරන පිණිස නුඹලා ගෙනාවෙමි; නුමුත් නුඹලා ඇතුල්ව මාගේ දේශය අපිරිසිදුකර, මාගේ උරුමය පිළිකුලක් කළහුය.


ෂේලා වැඩිවිය පැමිණ සිටි නුමුත් තමා ඔහුට භාර්යා කොට පාවාදෙනු නොලැබූ බව දුටු බැවින් ඈ තමාගේ කනවැන්දුම් වස්ත්‍ර පහකොට තමාගේ මුහුණු වැස්ම දමා පොරවාගෙන තිම්නාවට යන මාර්ගයෙහි වූ ඒනයිම් නම් දොරටුවේ හිඳගත්තාය.


මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,


ඔහු හේදිසියෙහි වධවිඳිමින්, ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ළැපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක,


නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් උස් තැන් සාදාගෙන, පළමු සිදුවුණේවත් මතු සිදුවන්නේවත් නැති ආකාරයකට ඒවා උඩ වේශ්‍යාකම්කෙළෙහිය.


යෙරුසලම, නුඹේ හිසකේ කපා අහක දමා, මුඩු කඳු උඩ විලාපයක් පවත්වන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ව උදහස් කළ පරම්පරාව එපාකර අත්හැරියසේක.


හඬක් මුඩු කඳු උඩ ඇසෙයි, එය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ මාර්ගය පෙරළාගෙන, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කළ නිසා ඔවුන්ගේ ඇඬීම සහ කන්නලව්කිරීමත්ය.


ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.


මම අපවිත්‍ර නොවීමි, මම බාල්වරුන් පස්සේ නොගියෙමියි නුඹ කියන්නේ කොහොමද? මිටියාවතෙහි තිබෙන නුඹේ හැසිරීම බලන්න, නුඹ කළේ මොකද කියා දැනගන්න. නුඹ එහා මෙහා දුවන ශීඝ්‍ර ඔටුදෙනකි;


එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.


ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි.


යෙරුසලම ඉදිරිපිටින් විනාශ කන්දට දකුණෙන් තිබුණාවූ ශීදොන්වරුන්ගේ පිළිකුලවූ අෂ්ටොරෙත්ටත් මෝවබ්වරුන්ගේ පිළිකුල්වූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මිල්කොම්ටත් ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ගොඩනැගූ උස්තැන් රජ දූෂ්‍යකෙළේය.


ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.


ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.


ඔව්හු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජාකරනු ලැබූ තමුන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවුවෝය; දේශයද ලෙයින් දූෂණය විය.


නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නාස්තිකාරයෝ කාන්තාරයේ සියලුම මුඩු කඳු පිටට පැමිණ සිටිති. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කඩුව දේශයේ එක කෙළවරක පටන් දේශයේ අනික් කෙළවර දක්වා විනාශකරන්නේය. මාංසමයවූ කිසිවෙකුට සමාදානය නැත.


ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්