Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නොඑවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:9
7 හුවමාරු යොමු  

එසේය, මම ඔවුන් නොඑවුවෙමි, එහෙත් මා විසින් නුඹලා පන්නාදමන හැටියටත් නුඹලා සහ නුඹලාට අනාගතවාක්‍ය කියන අනාගතවක්තෘවරුන් නැතිවෙන හැටියටත් ඔව්හු මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියතියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීමි.


දාසව සිටින සියල්ලන්ට නුඹ ලියා ඇර: නෙහෙලාමිය ෂෙමායා ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් ෂෙමායා නොඑවූ නුමුත් ඔහු නුඹලාට අනාගතවාක්‍ය කියා බොරුවක් කෙරෙහි විශ්වාසකරන්ට නුඹලාට සැලැස්සූ නිසා ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි කියන ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.


මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ, කෝලායාගේ පුත්‍රවූ අහාබ්ද මයසේයාගේ පුත්‍රවූ ශෙදෙකියාද ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවාදෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුවෙහි ඔවුන් මරන්නේය.


නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්