Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:31 - Sinhala Revised Old Version

31 දාසව සිටින සියල්ලන්ට නුඹ ලියා ඇර: නෙහෙලාමිය ෂෙමායා ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් ෂෙමායා නොඑවූ නුමුත් ඔහු නුඹලාට අනාගතවාක්‍ය කියා බොරුවක් කෙරෙහි විශ්වාසකරන්ට නුඹලාට සැලැස්සූ නිසා ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 “බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 “බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:31
11 හුවමාරු යොමු  

මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නොඑවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.


එබැවින් මා විසින් යෙරුසලමෙන් බබිලෝනියට ඇරියාවූ දාසව සිටින සියල්ලෙනි, නුඹලා ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


එවිට ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්