Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:10 - Sinhala Revised Old Version

10 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:10
22 හුවමාරු යොමු  

නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?


එනම් ඔහුගේ රජකම්කිරීමේ පළමුවෙනි අවුරුද්දේදී, යෙරුසලම පාළුව තිබීමේ සම්පූර්ණත්වයයයි ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු අවුරුදු ගණන සැත්තෑ අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම්ගත්තෙමි.


ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේය, මා ඒවා විමසා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේය; එවිට මම ඒවා ගෙනැවිත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.


තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


තවද මුහුදුබඩ පළාත යූදා වංශයේ ඉතිරි අයට ලැබී, ඔවුන් එහි මෘග රැළවල් පෝෂ්‍යකරනවා ඇත. සවස ඔව්හු අෂ්කෙලොන්හි ගෙවල්වල නිදාගන්නෝය; මක්නිසාද ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් දෙස බලා ඔවුන්ගේ වහල්කම පහකරනසේක.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.


එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය.


නුමුත් ස්වාමීන්වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියෙවු වචනය සම්පූර්ණවෙන පිණිස පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක. ඔහු වනාහි: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ;


තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.


මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මෙයාකාර ඔහු අප ළඟට බබිලෝනියට ලියා එවා: වහල්කමේ කාලය දීර්ඝය. නුඹලා ගෙවල් ගොඩනගා වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්නැයි කියා තිබේ.


බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.


මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


බලව, ඉශ්‍රායෙල් වංශය ගැනත් යූදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා විසින් ඉෂ්ටකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්‍රායෙල් රට නුඹලාට දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්