Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 28:4 - Sinhala Revised Old Version

4 යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද, අසුවී බබිලෝනියට ගෙනයනු ලැබුවාවූ සියලුම යූදාවරුන්ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. මක්නිසාද බබිලෝනියේ රජුගේ වියගහ බිඳින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 28:4
20 හුවමාරු යොමු  

යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් නුඹ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම බබිලෝනියේ රජුගේ වියගහ බින්දෙමි.


බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි දෙකක් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූසේක.


දැන් මම ඔහුගේ වියගහ නුඹ කෙරෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමි.


මක්නිසාද ඒ දවසේදී ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. විදේශියෝ තවත් ඔවුන් යටත්කර නොගන්නෝය.


එවිට ප්‍රොපේතවූ හනනියා අනාගතවක්තෘවූ යෙරෙමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන බින්දේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් මේ ස්ථානයෙන් යහපත පිණිස කල්දිවරුන්ගේ දේශයට ඇරියාවූ අසුවී ගියාවූ යූදාවරුන් මම මේ හොඳ අත්තික්කා මෙන් සලකන්නෙමි.


මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.


මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.


මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.


නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි.


ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.


දකුණු දිශාවේ නුවරවල් වසා තිබේ, ඒවා අරින්ට කෙනෙක් නැත. මුළු යූදා රට වාලට ගෙනයනු ලැබීය; සහමුලින්ම ගෙනයනු ලැබීය.


යෙකොනියා රජුද මවු බිසවද නපුංසකයන්ද යූදා සහ යෙරුසලමේ අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් ගියායින් පසු,


අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්