Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 28:15 - Sinhala Revised Old Version

15 එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා ප්‍රොපේතවූ හනනියාට කථාකොට: හනනියා, අසන්න; ස්වාමීන්වහන්සේ නුඹ නොඑවූසේක; නුඹ මිථ්‍යාවක් කෙරෙහි විශ්වාසය තබන්ට මේ සෙනඟට සලස්වන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 28:15
20 හුවමාරු යොමු  

එසේය, මම ඔවුන් නොඑවුවෙමි, එහෙත් මා විසින් නුඹලා පන්නාදමන හැටියටත් නුඹලා සහ නුඹලාට අනාගතවාක්‍ය කියන අනාගතවක්තෘවරුන් නැතිවෙන හැටියටත් ඔව්හු මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියතියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීමි.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.


නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,


එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවේය.


එම්බා පෂ්හූර්, නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලෝද වාලට යන්නහුය. නුඹත් නුඹේ බොරු අනාගතවාක්‍ය ඇසූ නුඹේ සියලු මිත්‍රයොත් බබිලෝනියට පැමිණ, එහිදී මැරී වළලනු ලබන්නහුයයි කීවේය.


නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත.


හනනියාද මුළු සෙනඟ ඉදිරියෙහි කථාකොට: සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළතදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ වියගහ සියලු ජාතීන්ගේ බෙල්ලෙන් මෙසේ බිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. අනාගතවක්තෘවූ යෙරෙමියාද යන්ට ගියේය.


මෙන්න, නුඹලා ප්‍රයෝජන නොවන බොරුවචන කෙරෙහි විශ්වාසකරගන සිටින්නහුය.


තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.


ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය.


මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,


එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.


බලව, තමුන්ගේ දිව පාවිච්චිකොට: උන්වහන්සේ කියනසේකැයි කියන ප්‍රොපේතවරුන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්