Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:20 - Sinhala Revised Old Version

20 තවද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවාවූ කිරියත්-යෙයාරීම්හි ෂෙමායාගේ පුත්‍රවූ උරියා නම් මනුෂ්‍යයෙක්ද වූයේය; ඔහු යෙරෙමියාගේ සියලු වචනවල හැටියට මේ නුවරටත් මේ දේශයටත් විරුද්ධව අනාගතවාක්‍ය කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “තවද, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ කිරියත්-ජෙයාරිම්හි ෂෙමායාගේ පුත් උරියා නම් මිනිසෙක් විය. ඔහු ජෙරමියාගේ සියලු වචනවලට අනුකූල ව මේ නගරයටත්, මේ දේශයටත් විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 “තවද, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ කිරියත්-ජෙයාරිම්හි ෂෙමායාගේ පුත් උරියා නම් මිනිසෙක් විය. ඔහු ජෙරමියාගේ සියලු වචනවලට අනුකූල ව මේ නගරයටත්, මේ දේශයටත් විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:20
9 හුවමාරු යොමු  

තවද පෙට්ටිය කිරියත්-යෙයාරීම්හි තැබූ දවස පටන් දීර්ඝ කාලයක් එනම් විසි අවුරුද්දක් ගතවිය. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ සොයා වැලපුණෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.


ඔව්හු: පිලිස්තිවරුන් විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය නැවත ගෙනැවිත් තිබේ; නුඹලා ඇවිත් ඒක අරගන යන්නැයි කිරියත්-යෙයාරීම් වැසියන්ට පණිවිඩකාරයන් අත කියා යැවුවෝය.


එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය.


කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය.


මා විසින් නුඹලාගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. නුඹලාගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් නුඹලාගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය.


එවිට අධිපතීහු: නුඹලා කොතන සිටිනවාද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස නුඹත් යෙරෙමියාත් ගොස් සැඟවී ඉන්නැයි බාරුක්ට කීවෝය.


ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.


ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්