Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:18 - Sinhala Revised Old Version

18 යූදාහි රජවූ හෙසකියාගේ දවස්වලදී මොරෂ්තිය මීකායා අනාගතවාක්‍ය කියමින් යූදාහි මුළු සෙනඟට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද මෙන් වෙනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:18
13 හුවමාරු යොමු  

මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.


තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය.


එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.


එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.


මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද කරන්නෙමි; වැසියෙක් නොසිටින හැටියට මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමි.


දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය.


ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.


මම බොහෝ කාලයක සිට ඒක අභිප්‍රායකර, පුරාණයේ දවස්වල පටන් ඒක නියම කළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ට කෙළෙමි.


නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.


නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්