Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:1 - Sinhala Revised Old Version

1 යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ස්වාමීන්වහන්සේගෙන් මේ වචනය පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ රජ සමය මුල දී, සමිඳාණන් වහන්සේගේ වචනය ජෙරමියා වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ රජ සමය මුල දී, සමිඳාණන් වහන්සේගේ වචනය ජෙරමියා වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:1
8 හුවමාරු යොමු  

යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණියේය.


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යොහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමුණුණේය.


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය:


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදීද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ කෙළවර දක්වා, එනම් පස්වෙනි මාසයේ යෙරුසලමේ වැසියන් දාස කොට අල්ලා ගෙනයාම දක්වාද, ඒ පණිවුඩය පැමිණියේය.


යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්