Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:38 - Sinhala Revised Old Version

38 උන්වහන්සේ සිංහයා මෙන් තමන් නිවාසය අත්හැර ගියසේක; මක්නිසාද පීඩාකරන කඩුව නිසාත් උන්වහන්සේගේ බලවත් උදහස නිසාත් ඔවුන්ගේ දේශය පාළුවක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 සිංහයා සිය ගුහාව අත්හැර යන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ සිය දේශය අත්හැරදමන සේක. භයානක යුද්ධය නිසා ද සමිඳාණන් වහන්සේගේ දැඩි කෝපය නිසා ද ඔවුන්ගේ දේශය පාළුකරයක් වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 සිංහයා සිය ගුහාව අත්හැර යන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ සිය දේශය අත්හැරදමන සේක. භයානක යුද්ධය නිසා ද සමිඳාණන් වහන්සේගේ දැඩි කෝපය නිසා ද ඔවුන්ගේ දේශය පාළුකරයක් වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:38
15 හුවමාරු යොමු  

සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.


මක්නිසාද මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන්ය, යූදා වංශයට තරුණ සිංහයෙකු මෙන්ය. මම, මමම, ඉරාදමායන්නෙමි; ගළවන්ට කිසිවෙකුට ඉඩ නොතබා අල්ලාගන යන්නෙමි.


එබැවින් කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේය, සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්තිකරන්නේය, දිවියෙක් ඔවුන්ගේ නුවරවල් ළඟ රැක ඉන්නේය, ඒවායින් පිටතට යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝය. මක්නිසාද ඔවුන්ගේ වරද බොහෝවී ඔවුන්ගේ පසුබටවීම් වැඩිවී තිබේ.


එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට:


ඒ ගැන දේශය නොවෙවුලන්නේද? එහි වසන සියල්ලෝම නොවැලපෙන්නෝද? එසේය, ඒක ගංගාව මෙන් මුළුමනින්ම ගලා, කැලඹී, මිසරයේ ගංගාව මෙන් බැසයනවා ඇත.


මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.


බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දානේ වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔවුන් දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නා ලද කවරෙකු නුමුත් මම ඔහු ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?


බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දාන් වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔහු දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නාලද කවරෙකු නුමුත් මම ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?


උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.


ඔව්හු තිරිඟු වපුරා කටු ගස් කපාගත්තෝය; ඔව්හු වෙහෙසුණු නුමුත් ප්‍රයෝජන නොලබති; මෙසේ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නිසා නුඹලාගේ අස්වැන්න ගැන ලජ්ජාවන්නහුය.


එබැවින් නුඹ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක.


වපුරන්නා සහ ගොයම්කපන කාලයෙහි දෑකැත්ත පාවිච්චිකරන්නා බබිලෝනියෙන් සිඳදමන්න. පීඩාකරන කඩුවට භයින් ඔව්හු තම තමුන්ගේ සෙනඟ වෙතට හැරී තම තමුන්ගේ දේශයට පලායන්නෝය.


බොහෝ එඬේරු මාගේ මිදිවත්ත නාස්තිකළෝය, ඔව්හු මාගේ කොටස පාගාදැමුවෝය, මාගේ ප්‍රිය කොටස පාළු කාන්තාරයක් කළෝය.


මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්