Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:36 - Sinhala Revised Old Version

36 එඬේරුන්ගේ කෑගැසීමේ හඬත් රැළේ ප්‍රධානීන්ගේ මොරගැසීමත් ඇසෙන්නේය! මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ගොදුරුබිම පාළුකරනසේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 නායකයන්ගේ කෑ මොරගැසීම ද සෙනඟගේ ප්‍රධානීන්ගේ හැඬීම ද ඇසෙන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 නායකයන්ගේ කෑ මොරගැසීම ද සෙනඟගේ ප්‍රධානීන්ගේ හැඬීම ද ඇසෙන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:36
6 හුවමාරු යොමු  

ඉන්නිසා ගෝණි රෙදි බැඳගෙන, විලාප කියමින් කෑමොරගසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය.


එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණවී තිබේ; මම නුඹලා කැබලිකොට බිඳින්නෙමි. නුඹලාද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.


ඔබ හදිසියෙන් සේනාවක් ඔවුන්ට විරුද්ධව පමුණුවන කල ඔවුන්ගේ ගෙවලින් කෑගැසීමක් ඇසේවා. මක්නිසාද ඔවුන් මා අසුකරන්ට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තැබුවෝය.


එඬේරුන්ට පලායන්ටවත් රැළේ ප්‍රධානීන්ට ගැළවීයන්ටවත් නොලැබෙන්නේය.


ස්වාමීන්වහන්සේගේ බලවත් කෝපය නිසා සමාදාන පිට්ටනි නිශ්ශබ්දකරනු ලබයි.


එඬේරුන්ගේ ඓශ්වර්යය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෑමොරගැසීමේ හඬ ඇසෙන්නේය. යොර්දානේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්