Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:31 - Sinhala Revised Old Version

31 මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේට ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:31
14 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.


මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය.


එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.


එසේය, ස්වාමීන්වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමීන්වහන්සේගෙන් මැරුම් කනවා ඇත.


ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.


මක්නිසාද මේක ස්වාමීන්වහන්සේගේ පළිගන්න දවසය, සියොන්හි පැමිණිල්ල ගැන විපාකදෙන අවුරුද්දය.


මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමඟ සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි.


නුඹටම මහත් දේවල් ලබාගන්නට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


කෝලාහල හඬට ජනයෝ පලාගියෝය; ඔබගේ උසස්වීමට ජාතීහු විසිර ගියෝය.


එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි නුඹ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි නුඹ කියන නිසා මම නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සෑම ජාතීන් කෙරෙහි උදහසද ඔවුන්ගේ සියලු සේනාවල් කෙරෙහි කෝපයද ඇතුව සිටිනසේක. උන්වහන්සේ ඔවුන් විනාශයට කැපකොට මැරුම්කෑමට භාරදී තිබේ.


බලව, ස්වාමීන්වහන්සේගේ කුණාටුව, එනම් උන්වහන්සේගේ කෝපය, එසේය, කරකැවෙන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට කඩා වැටෙන්නේය.


මක්නිසාද දවස ළඟය, ස්වාමීන්වහන්සේගේ දවස ළඟය, එය වලාපටල දවසක්ව, ජාතීන්ගේ කාලයව තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්