Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:29 - Sinhala Revised Old Version

29 මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් නුඹලා දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:29
19 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?


මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්ට කඩුවට අඬගසන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එක එක මනුෂ්‍යයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය.


බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!


ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිසද, මා විසින් ගොඩනැගුවාවූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.


එසේය, මාගේ ශුද්ධවූ කන්දෙහි සිටින නුඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත, එසේය, ඔවුන් බී, ගිලගන, ඔවුන් නොසිටියාක්මෙන් වෙනවා ඇත.


මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, කුසලානෙන් බොන්ට නියම නැති අය බොනවාම ඇත; එසේවීනම් නුඹ කිසි දඬුවමක් නොලැබ සිටින්නෙහිද? නුඹ දඬුවම් නොලැබ නොසිට බොනවාම ඇත.


මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක.


එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.


තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


නොහොත් මා විසින් කඩුවක් ඒ දේශයට විරුද්ධව පමුණුවා: කඩුව, දේශය මුළුල්ලෙහි යවයි කියා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,


එම්බා මාගේ සේවකයාවූ යාකොබ්, මා නුඹ සමඟ සිටින නිසා භය නොවන්න. මක්නිසාද මා විසින් නුඹ විසුරුවාදැමූ සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත් මම නුඹ තීන්දුවටම නැති නොකර, මදලෙස නුඹට දඬුවම් කරන්නෙමි; නුමුත් නුඹට කොහෙත්ම අච්චු නොකර නොසිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.


එවිට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න එනම්,–මේ දේශයේ සියලු වැසියන්ද දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජවරුන්ද පූජකයන්ද ප්‍රොපේතවරුන්ද යෙරුසලමේ සියලු වැසියන්ද මත් ගතියකින් පුරවා,


මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.


දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.


අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.


යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–අසන සියල්ලන්ගේ කන් ලෙළදෙන තරමට මේ ස්ථානය පිටට විපත්ති පමුණුවමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්