Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:24 - Sinhala Revised Old Version

24 අරාබියේ සියලු රජුන්ටත් කාන්තාරයෙහි වාසයකරන මිශ්‍රවූ සෙනඟගේ සියලු රජවරුන්ටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:24
11 හුවමාරු යොමු  

අරාබියේ සියලු රජවරුද දේශයේ ආණ්ඩුකාරයෝද සාලමොන්ට රන් රිදී ගෙනාවෝය.


මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්,


කූෂ්වරුද පූට්වරුද ලූද්වරුද මුළු මිශ්‍ර සේනාවද කූබ්වරුද ගිවිසුමට බැඳුණු දේශයේ පුත්‍රයෝද ඔවුන් සමඟ කඩුවෙන් වැටෙන්නෝය.


කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටටත් ඔවුන්ගේ රථ පිටටත් ඈ තුළ සිටින මිශ්‍රවූ මුළු සේනාව පිටටත් පැමිණ, ඔවුන් ස්ත්‍රීන් මෙන් වෙනවා ඇත. කඩුවක් ඇගේ වස්තු පිටට පැමිණ, ඒවා කොල්ලකනු ලබනවා ඇත.


අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹ යටතේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ බැටළුපැටවුන්ද බැටළුවන්ද එළුවන්ද වෙළඳාම්කළෝය.


අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පඳුරු අතරේ නුඹලා නවාතැන් ගන්නවා ඇත.


අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්