Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:17 - Sinhala Revised Old Version

17 එවිට මම ස්වාමීන්වහන්සේගේ අතින් කුසලාන රැගෙන ස්වාමීන්වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට පෙවුවෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:17
9 හුවමාරු යොමු  

බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.


එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්ට අකැමැතිවන්නෝ නම් නුඹ ඔවුන්ට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා බොන්නහුමය.


මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.


පසුව ඒවා යෙරුසලමට, යූදාහි රජවූ ශෙදෙකියා වෙතට එන්නාවූ පණිවිඩකාරයන් අතින් ඒදොම්හි රජුටද මෝවබ්හි රජුටද අම්මොන් පුත්‍රයන්ගේ රජුටද තීර්හි රජුටද ශීදොන්හි රජුටද යවා,


එවිට මම මාගේ කට ඇරියෙමි, උන්වහන්සේද ඒ පොත කන්ට මට සැලැස්සූසේක.


නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව නුඹේ මුහුණ හරවා, ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්