Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:11 - Sinhala Revised Old Version

11 මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:11
23 හුවමාරු යොමු  

එනම් ඔහුගේ රජකම්කිරීමේ පළමුවෙනි අවුරුද්දේදී, යෙරුසලම පාළුව තිබීමේ සම්පූර්ණත්වයයයි ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු අවුරුදු ගණන සැත්තෑ අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම්ගත්තෙමි.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.


නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?


තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.


මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය.


මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.


ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේය, මා ඒවා විමසා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේය; එවිට මම ඒවා ගෙනැවිත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.


මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ට සේවයකරන පිණිස මම යකඩ වියගහක් මේ සියලු ජාතීන්ගේ බෙල්ලේ තැබුවෙමි; ඔවුන් ඔහුට සේවයකරනවා ඇත. මම වනයේ මෘගයන්ද ඔහුට දුනිමියි කියන්නැයි කීසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.


ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම මිනිසුන් යවා මාගේ සේවකයා වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ගෙන්වා, මා විසින් සඟවා තැබූ මේ ගල් පිට ඔහුගේ සිංහාසනය තබන්නෙමි; ඔහුද තමාගේ රාජකීය සේසත ඒවා උඩ තබනවා ඇත.


එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.


නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.


කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.


මම බැලූ විට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක්වූ බවත් එහි සියලු නුවරවල් කඩාදමා තිබෙන බවත් දුටිමි.


උන්වහන්සේ සිංහයා මෙන් තමන් නිවාසය අත්හැර ගියසේක; මක්නිසාද පීඩාකරන කඩුව නිසාත් උන්වහන්සේගේ බලවත් උදහස නිසාත් ඔවුන්ගේ දේශය පාළුවක් විය.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


දේශයේ සෙනඟට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් රටෙහි සිටින යෙරුසලමේ වැසියන් ගැන ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔව්හු තමුන්ගේ කෑම පිරිමසා ගෙන කා, තමුන්ගේ වතුර කනස්සලුකමින් බොන්නෝය, මෙසේ වන්නේ ඔවුන්ගේ දේශය එහි වැසි සියල්ලන්ගේ බලාත්කාරකම නිසා එහි තිබෙන සියල්ලෙන් පාළුවෙන පිණිසය.


මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්