Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 24:5 - Sinhala Revised Old Version

5 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් මේ ස්ථානයෙන් යහපත පිණිස කල්දිවරුන්ගේ දේශයට ඇරියාවූ අසුවී ගියාවූ යූදාවරුන් මම මේ හොඳ අත්තික්කා මෙන් සලකන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වන මම බබිලෝනියට යවනු ලැබූ යහපත් ජුදෙව්වරුන් මේ හොඳ අත්තික්කා මෙන් වන්නට සලසමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වන මම බබිලෝනියට යවනු ලැබූ යහපත් ජුදෙව්වරුන් මේ හොඳ අත්තික්කා මෙන් වන්නට සලසමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 24:5
21 හුවමාරු යොමු  

තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


ස්වාමීන්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය; උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක.


මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.


නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?


නුමුත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේනම්, ඔහු උන්වහන්සේ විසින් දන්නාලද්දේය.


තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.


මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.


නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය.


ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.


මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:


අල්ලාගන්නාලදුව, යෙරුසලමෙන් බබිලෝනියට මා විසින් ගෙන ගියාවූ සියල්ලන්ට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–


එබැවින් මා විසින් යෙරුසලමෙන් බබිලෝනියට ඇරියාවූ දාසව සිටින සියල්ලෙනි, නුඹලා ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්‍රායෙල් රට නුඹලාට දෙන්නෙමි.


එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්