Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 20:6 - Sinhala Revised Old Version

6 එම්බා පෂ්හූර්, නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලෝද වාලට යන්නහුය. නුඹත් නුඹේ බොරු අනාගතවාක්‍ය ඇසූ නුඹේ සියලු මිත්‍රයොත් බබිලෝනියට පැමිණ, එහිදී මැරී වළලනු ලබන්නහුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 20:6
25 හුවමාරු යොමු  

නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ සහ නුඹේ සියලු මිත්‍රයන්ද භීතියට භාරදෙමි. ඔව්හු තමුන්ගේ සතුරන්ගේ කඩුවෙන් වැටෙන්නෝය, නුඹද නුඹේම ඇස්වලින් එය දකින්නෙහිය. මම මුළු යූදා දේශයත් බබිලොන් රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේය.


නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත.


සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.


බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.


මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.


ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන මුලාදෑනියාවූ ඉම්මෙර්ගේ පුත්‍රවූ පෂ්හූර් නම් පූජකයා යෙරෙමියා ඒ කාරණා අනාගතවාක්‍යයෙන් කියනවා ඇසූ විට,


එකල මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස–නුඹලා කඩුව දකින්නේවත් නුඹලාට සාගතය පැමිණෙන්නේවත් නැතුව, ස්ථිර සමාදානය මේ ස්ථානයෙහි නුඹලාට දෙන්නෙමියි අනාගතවක්තෘවරු ඔවුන්ට කියතියි කීමි.


ඔවුන්ගේ අනාගතවාක්‍ය අසන සෙනඟත් සාගතයද කඩුවද කරණකොටගෙන යෙරුසලමේ වීථිවල හෙළාදමනු ලබන්නෝය; ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් පුත්‍රයන්වත් දූවරුන්වත් වළලන්ට කිසිවෙක් නොවන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ දුෂ්ටකම ඔවුන් පිට වගුරුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්