Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 2:24 - Sinhala Revised Old Version

24 කාන්තාරයට පුරුදුවූ, තෘෂ්ණාවට ඉව අල්ලන්නාවූ වල් කොටළුදෙනකි; ඇගේ කාලයේදී ඈ නවත්වන්නේ කවුද? ඈව සොයන කිසිවෙක් වෙහෙසෙන්නේ නැත; ඇගේ මාසයේදී ඈ සම්බවෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 නුඹ තෘෂ්ණාවෙන් දැවෙමින් ඉව අල්ලන කාන්තාරයේ වල් කොටළු දෙනක හා සමාන ය. ඈ කුල්මත් වී සිටින විට ඈ දමනය කළ හැක්කේ කාට ද? ඈ සොයන පිරිමි සතාට වෙහෙස වීමට වුවමනාවක් නැත. පට්ටිගසන කාලයේ දී ඈ පහසුවෙන් සොයාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 නුඹ තෘෂ්ණාවෙන් දැවෙමින් ඉව අල්ලන කාන්තාරයේ වල් කොටළු දෙනක හා සමාන ය. ඈ කුල්මත් වී සිටින විට ඈ දමනය කළ හැක්කේ කාට ද? ඈ සොයන පිරිමි සතාට වෙහෙස වීමට වුවමනාවක් නැත. පට්ටිගසන කාලයේ දී ඈ පහසුවෙන් සොයාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 2:24
8 හුවමාරු යොමු  

වල් කොටළුවෝද මුඩු කඳු පිට සිට සිවලුන් මෙන් හුළඟට ඉව අල්ලති; තණකොළ නැති නිසා උන්ගේ ඇස්ද ක්ෂයවෙයි.


ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.


ඔව්හු: මාගේ පියාණෝ නුඹයයි දණ්ඩකටද: නුඹ මා ඉපදෙවූවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත.


නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.


මක්නිසාද ඔව්හු තනියම සිටින වල් කොටළුවෙකු මෙන් අෂූර්ට ගියෝය. එප්‍රායිම් ප්‍රේමවන්තයන් කුලියට ගත්තේය.


උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට නුඹට පුළුවන්ද? උන් බිහිකරන කාලය නුඹ දන්නවාද?


සියලු වේශ්‍යාවන්ට යම් තෑග්ගක් දෙනු ලැබේ. නුමුත් නුඹ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ට නුඹේ තෑගි දී, නුඹ සමඟ වේශ්‍යාකම්කිරීමට හැම අතින්ම නුඹ ළඟට එන්ට ඔවුන්ට තෑගි දුන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්