Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 19:14 - Sinhala Revised Old Version

14 ඉක්බිති යෙරෙමියා අනාගතවාක්‍ය කියන්ට ස්වාමීන්වහන්සේ විසින් ඔහු යැවූ තෝපෙත්හි සිට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට මුළු සෙනඟට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඉක්බිති ජෙරමියා දිවැස් වැකි කියන පිණිස සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබූ තෝපෙත් සිට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිටිමින්, මුළු සෙනඟට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඉක්බිති ජෙරමියා දිවැස් වැකි කියන පිණිස සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබූ තෝපෙත් සිට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිටිමින්, මුළු සෙනඟට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 19:14
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.


එවිට යෙහෝෂාපාට් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යූදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ:


නුඹලා ගොස් දේවමාළිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනඟට කථාකරන්නැයි කීවේය.


ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: නුඹ ගොස් යූදාහි රජවරුන් යන එන, සෙනඟගේ පුත්‍රයන්ගේ දොරටුවේද යෙරුසලමේ සියලු දොරටුවලද සිට ඔවුන්ට කථාකොට:


එය අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි මුළු සෙනඟටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් කීවේය.


එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා පූජකයන් ඉදිරියෙහිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිටි මුළු සෙනඟ ඉදිරියෙහිත් ප්‍රොපේතවූ හනනියාට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්