Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 18:9 - Sinhala Revised Old Version

9 ගොඩනගා හිටවන්නෙමියි මා විසින් යම් ජාතියක් ගැනවත් රාජ්‍යයක් ගැනවත් කී කල්හි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 18:9
9 හුවමාරු යොමු  

උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;


බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.


නුඹව සිටෙවුවාවූ සේනාවල ස්වාමීන්වහන්සේ, ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් බාල්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් මා කෝපකරවන ලෙස සිද්ධකරගත්තාවූ නපුර නිසා නුඹට විපත්තිය නියමකර තිබේ.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


බලව, හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමීන්වහන්සේ උදෙසා නුවර ගොඩනගනු ලබන දවස් පැමිණෙන්නේය.


එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.


එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්