Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 18:6 - Sinhala Revised Old Version

6 එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්ට මට බැරිදැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 18:6
8 හුවමාරු යොමු  

ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.


තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?


ඔහු සෑදූ මැටිභාජනය කුම්භකාරයාගේ අතේ නරක්වූ කල, නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය.


මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.


තවද ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස කථාකොට: ගහ කපාදමා විනාශකරන්න; එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහු කාලවල් සතක් පසුකරන තුරු ඔහුගේ කොටස වනයේ මෘගයන් සමඟ වේවායි කියනවා රජ දුටු බැවින්,


එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද!


එකල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ වදාළේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්