Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:5 - Sinhala Revised Old Version

5 එම්බා යෙරුසලම, නුඹට අනුකම්පාකරන්නේ කවුද? නුඹ ගැන වැලපෙන්නේ කවුද? නුඹේ සුවදුක් අහන්ට නුඹ ළඟට එන්නේ කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:5
15 හුවමාරු යොමු  

මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?


නුඹව දකින සියල්ලෝද නුඹ වෙතින් පලාගොස් කථාකොට: නිනිවය නාස්තිවිය, ඈට අනුකම්පාව පෙන්වන්නේ කවුද? සනසන්නන් මම කොතනින් නුඹට සොයාදෙන්නෙම්දැයි කියන්නෝය.


ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


නින්දාවෙන් මාගේ සිත බිඳුණේය; මම ශෝකයෙන් පිරී සිටිමි. අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමේ ගෙට ඇතුල් නොවන්න, ළතෝනි කියන්ට නොයන්න, ඔවුන් ගැන ශෝක නොවන්න. මක්නිසාද මාගේ සමාදානය, එසේය, කරුණාව සහ අනුකම්පාව, මේ සෙනඟගෙන් අහක්කරගතිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ හස්තය මට පහරදුන්නේය.


දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,


දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.


ඔවුන් නුඹට ආචාර කොට රොටි දෙකක් නුඹට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න.


ඔව්හු එහි හැරීගොස් තරුණ ලෙවීයයාගේ ගේ වන මීකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝය.


මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.


සියොන් ඇගේ අත් විදහාගන ඉඳියි; ඈ සනසන්ට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේඅණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්