Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 13:5 - Sinhala Revised Old Version

5 මමද ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ගොස් ප්‍රාත් ගංගාව ළඟ ඒක සඟවා තැබීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මම ද සමිඳාණන් වහන්සේ මට අණ කළ ලෙස ගොස් යුප්‍රටීස් ගඟ ළඟ එය සඟවා තැබීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මම ද සමිඳාණන් වහන්සේ මට අණ කළ ලෙස ගොස් යුප්‍රටීස් ගඟ ළඟ එය සඟවා තැබීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 13:5
10 හුවමාරු යොමු  

මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.


ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විදීමට පංගුකාරයෙක් වෙන්න.


බොහෝ දවසකට පසු ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ පිටත්වී ප්‍රාත් ගංගාව ළඟට ගොස්, එහි සඟවා තබන්ට මා විසින් නුඹට අණකළ පටිය එතැනින් ගන්නැයි කීසේක.


එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්