Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 12:8 - Sinhala Revised Old Version

8 මාගේ උරුමය මට කැලෑවේ සිංහයෙකු මෙන් වී තිබේ. ඈ මට විරුද්ධව ඇගේ හඬ පැවැත්තුවාය; එබැවින් ඈට ද්වේෂකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත; කුරිරු ලෙස මට ගොරවා ඇත. එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත; කුරිරු ලෙස මට ගොරවා ඇත. එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 12:8
8 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන් ගැනම දිවුරමින් සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක, මම යාකොබ්ගේ තේජසට පිළිකුල්කොට, ඔහුගේ මාළිගාවලට ද්වේෂකරමි. එබැවින් මම නුවර සහ එහි සියල්ලද පාවාදෙන්නෙමි.


ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ගිල්ගල්හි ඇත්තේය; මම ඔවුන්ට එහිදී ද්වේෂකෙළෙමි. ඔවුන්ගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ ගෘහයෙන් ඔවුන් පන්නාදමන්නෙමි. ඔවුන්ට තවත් ප්‍රේමනොකරන්නෙමි; ඔවුන්ගේ සියලු අධිපතීහු කැරළිකාරයෝය.


එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.


ඔවුන් සිංහයන් මෙන් එක්ව නාදකර සිංහපැටියන් මෙන් ගොරවනවා ඇත.


තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.


එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.


ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම්ද නග්න භාවයද ප්‍රකාශකළ විට, මාගේ සිත ඇගේ සහෝදරී කෙරෙන් පහව ගියාක්මෙන් ඈ කෙරෙන්ද පහව ගියේය.


එහෙත් පුරාණයේ සිට මාගේ සෙනඟ සතුරෙකු මෙන් නැගුටුණාය. යුද්ධයෙන් හැරීඑන අය මෙන් භය නැතුව යන්නන්ගෙන් නුඹලා සළුව ඇතුළුව පොරෝණයත් ගළවාගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්