Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 12:12 - Sinhala Revised Old Version

12 නාස්තිකාරයෝ කාන්තාරයේ සියලුම මුඩු කඳු පිටට පැමිණ සිටිති. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කඩුව දේශයේ එක කෙළවරක පටන් දේශයේ අනික් කෙළවර දක්වා විනාශකරන්නේය. මාංසමයවූ කිසිවෙකුට සමාදානය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 12:12
31 හුවමාරු යොමු  

ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.


එම්බා ස්වාමීන්වහන්සේගේ කඩුව, නුඹ කොපමණ කල් නිශ්චල නොවී සිටින්නෙහිද? නුඹේ කොපුවට ඇතුල් වී නැවතී නිකම් හිඳින්න.


නොහොත් මා විසින් කඩුවක් ඒ දේශයට විරුද්ධව පමුණුවා: කඩුව, දේශය මුළුල්ලෙහි යවයි කියා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,


ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.


තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.


එම්බා කූෂ්වරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම්කන්නහුය.


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


හෙෂ්බොන් ගැන මෝවබ් තවත් පාරට්ටු නොකරන්නේය; එන්න, ජාතියක්ව නොසිටින ලෙස ඇය සිඳදමමුයයි ඔව්හු ඈට විරුද්ධව නපුර යෝජනාකළෝය. එම්බා මද්මේන්, නුඹත් නාස්තිවන්නෙහිය; කඩුව නුඹ පසුපස්සේ එන්නේය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


මුඩු කඳු දෙස නුඹේ ඇස් ඔසවා, නුඹ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් නුඹ ඔවුන් ගැන බලා ඉඳ, නුඹේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.


දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.


මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.


මාගේ ඊගස් මැරුම්කෑවුන්ගේද වාලට ගත්තවුන්ගේද ලෙයින් මත්කරන්නෙමි; මාගේ කඩුවද සතුරාගේ කේශ සහිත මුදුනෙන් මාංස කන්නේයයි මාගේ අත ස්වර්ගය දෙසට ඔසවා කියමියි කියනසේක.


හඬක් මුඩු කඳු උඩ ඇසෙයි, එය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ මාර්ගය පෙරළාගෙන, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කළ නිසා ඔවුන්ගේ ඇඬීම සහ කන්නලව්කිරීමත්ය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමේ ගෙට ඇතුල් නොවන්න, ළතෝනි කියන්ට නොයන්න, ඔවුන් ගැන ශෝක නොවන්න. මක්නිසාද මාගේ සමාදානය, එසේය, කරුණාව සහ අනුකම්පාව, මේ සෙනඟගෙන් අහක්කරගතිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වෙවුලවීමේ හඬක් අපට ඇසුණේය; එය සමාදානයේ නොව භීතියේ හඬක් ය.


නුමුත් ඒ දවස ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක්ය, උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්න පළිගැනීමේ දවසක්ය. කඩුව වනාහි නාස්තිකර තෘප්තියට පැමිණෙන්නේය, ඔවුන්ගේ ලේවලින් මත්වන්නේය. මක්නිසාද උතුරු දේශයේ ප්‍රාත් ගංගාව ළඟ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට යාගයක් ඇත්තේය.


ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.


මා විසින් මෙසේ ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන බැවින් මාංසමයවූ සියල්ලන්ට විරුද්ධව දකුණේ සිට උතුර දක්වා මාගේ කඩුව කොපුවෙන් පිටත්ව යනවා ඇත.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:


සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියා, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: කඩුවක්ය, කඩුවක්ය, ඒක මුවහත්කර මැදලාත් තිබේයයි කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්