Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 11:23 - Sinhala Revised Old Version

23 ඔවුන්ගෙන් කිසිවෙක්ද ඉතිරි නොවන්නේය. මක්නිසාද මම අනතෝත්හි මනුෂ්‍යයන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම් කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 11:23
15 හුවමාරු යොමු  

එබැවින් ඔවුන්ගේ මාර්ගය අඳුරේ ලිස්සන සුළු ඒවා මෙන් ඔවුන්ට වන්නේය. ඔව්හු පන්නනු ලැබ වැටෙන්නෝය. මම ඔවුන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.


ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.


දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.


ඇගේ සියලු ගොනුන් මරන්න; උන් මැරුම්කෑමට බසිත්වා. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ දවස වන, ඔවුන්ට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.


භීතිය ඉදිරියෙන් පලායන්නා වළේ වැටේ; වළෙන් ගොඩට එන්නා මලපතේ අසුවේ. මක්නිසාද ඈට, එනම් මෝවබ්ට, දඬුවම්කරන අවුරුද්ද පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.


බලව, මම ශුභසිද්ධිය පිණිස නොව විපත්තිය පිණිස ඔවුන් ගැන පිබිද සිටිමි. මිසර දේශයෙහි සිටින සියලුම යූදාවරු තීන්දුවෙන තුරු කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවී යන්නෝය.


නුමුත් මම මරණයට ගෙනයන හීලෑ බැටළුපැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්තිකොට, ඔහුගේ නම තවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමමුයයි කියා ඔවුන් මට විරුද්ධව උපායෙදූ බව නොදැන සිටියෙමි.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉතුරු මිදිඵල දෙවනුව නෙළාගන්නාක්මෙන් ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතුරුවෙන අයට කරනු ලබන්නේය. මිදිඵල නෙලාගන්න කෙනෙකු මෙන් නුඹේ අත නැවත නැවත රිකිලිවලට පොවන්න.


මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්