Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 10:23 - Sinhala Revised Old Version

23 ස්වාමීන්වහන්ස, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 10:23
9 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන්වහන්සේගෙන් පැමිණේ; එසේ නම් මනුෂ්‍යයා තමාගේ මාර්ගය තේරුම්ගන්නේ කොහොමද?


සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.


මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක.


මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය.


නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.


මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.


ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.


ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්