Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 97:8 - Sinhala Revised Old Version

8 ස්වාමිනි, සියොන් අසා සන්තෝෂවූවාය, යූදාගේ දූවරු ඔබගේ විනිශ්චයන් නිසා ප්‍රීතිවූය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 97:8
13 හුවමාරු යොමු  

ඔබගේ විනිශ්චයන් නිසා සියොන් කන්ද සන්තෝෂවේවා, යූදාගේ දූවරු ප්‍රීතිවෙත්වා.


ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


බලව, ස්වාමීන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශකර තිබේ; අන්න නුඹේ ගැළවීම එන්නේය; අන්න උන්වහන්සේගේ බලය උන්වහන්සේ සමඟය, උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.


පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.


ධර්මිෂ්ඨයෝ ඒ දැක භයවී, ඔහුට සිනාසෙමින්:


උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේගේ විනිශ්චයයෝ මුළු පොළොවෙහි තිබේ.


මතු පරම්පරාවට කියන පිණිස සියොන් වට ඇවිදිව්, එහි හාත්පස යව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්