Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 94:15 - Sinhala Revised Old Version

15 මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය. අවංක සිත් ඇති සියල්ලෝ එය අනුව යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 94:15
19 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.


වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.


ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.


එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.


ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.


එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි නුඹ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.


ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශකරන්නේය.


එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්