Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 90:16 - Sinhala Revised Old Version

16 ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 90:16
10 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.


දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.


උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.


මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.


ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමියි කීයෙමි.


බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.


තවද කොල්ලයක් වන්නෝයයි නුඹලා විසින් කීවාවූ නුඹලාගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින නුඹලාගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්