Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 89:29 - Sinhala Revised Old Version

29 ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 89:29
16 හුවමාරු යොමු  

මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කෙළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.


ඒවා නුඹේ ගෙයි උළුවහුද නුඹේ දොරවල්ද පිට ලියන්න.


ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;


තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්,


දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය.


ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.


ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇත; ඔහු මට පුත්‍රයෙක් වන්නේය, මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකාලයටම ස්ථිරකරන්නෙමියි කීසේක.


සැබවින් මාගේ වංශය දෙවියන්වහන්සේ ඉදිරියෙහි එසේම පවතිනු නොවේද? මක්නිසාද සියල්ල ගැන නියම ලෙස ස්ථිරකර තිබෙන සදාකාල ගිවිසුමක් උන්වහන්සේ මා සමඟ කළසේක. ඒ මාගේ මුළු ගැළවීමත් මාගේ මුළු ප්‍රසන්නයත් වේ. උන්වහන්සේ එය වැඩෙන්ට නොසලස්වනසේක්ද?


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්