Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 88:14 - Sinhala Revised Old Version

14 ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සමිඳුනි! ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද? මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳුනි! ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද? මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 88:14
9 හුවමාරු යොමු  

ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?


ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද?


කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද?


මක්නිසාද ඔබ මාගේ ශක්තියවූ දෙවියන්වහන්සේය; කුමක් නිසා ඔබ මා පහකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්ද?


නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි.


ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; ඉක්මනින් මට උත්තරදුන මැනව.


නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක; අපේ සේනාවන් සමඟ නොයනසේක.


මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රියවූ දෙවිකෙනෙක් නොවනසේක. නපුර ඔබ වෙත නොරඳන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්