Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 84:3 - Sinhala Revised Old Version

3 එසේය, ගේකිරිල්ලියට ගෙයක්ද වැහිලිහිණියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක්ද සම්බවිය. එනම්, සේනාවල ස්වාමිනි, මාගේ රජ්ජුරුවන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ පූජාසනමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 84:3
10 හුවමාරු යොමු  

ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.


යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.


එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.


මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක.


මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස, ඔබට යාච්ඤාකරමි; මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම් කන්දුන මැනව.


අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.


රජ ශාදොක්ට කථාකොට: දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත නුවරට ගෙනිය‍න්න. ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබුණොත් උන්වහන්සේ නැවත මා ගෙනැවිත් ඒකත් එහි වාසස්ථානයත් මට පෙන්වනවා ඇත.


නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.


බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්